Mitsubishi සමාගම ලංකාවේ සිය මෙහෙයුම් නවතා දමයි

Newsline Editorial
Newsline Editorial
1 Min Read
Mitsubishi

ජපානයේ Mitsubishi Corporation, ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. 

ඒ අනුව 2023 මාර්තු 31 දින වන විට Mitsubishi Corporation කොළඹ කාර්යාලය වසා දැමීමටයි තීරණය කර ඇත්තේ. 

ශ්‍රී ලංකාවේ අහිතකර ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් සහ ආර්ථික දැක්ම සහ විදේශ ණය පැහැර හැරීම Mitsubishi Corporation හි මෙම තීරණයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙනවා. 

Mitsubishi Corporation මෙරට ක්‍රියාත්මක වූ ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) අරමුදල් සපයන ප්‍රධාන පෙළේ ජපාන යටිතල පහසුකම් ව්‍යාපෘති කිහිපයකම ප්‍රධාන හවුල්කරුවා ද වුණා. 

වාර්තා වන අන්දමට මේ වන විට Mitsubishi Corporation කොළඹ කාර්යාලයේ 20 ක පමණ පිරිසක් සේවය කරනවා. 

Mitsubishi Corporationහි ව්‍යාපාර ලෙස ගෑස්, කාර්මික ද්‍රව්‍ය නිෂ්පාදනය, ඛනිජ තෙල් සහ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය, ඛනිජ සම්පත්, කාර්මික අංශයේ යටිතල පහසුකම් නිර්මාණය, මොටර් රථ සහ ප්‍රවාහන කටයුතු නිර්මාණය, ආහාර, මූල්‍ය, පාරි⁣භෝගික ද්‍රව්‍ය, බලශක්තිය, නාගරික සංවර්ධනය ආදී ක්ෂේත්‍ර ගණනාවක විහිදී පවතිනවා.

Share this Article
Leave a comment