කීරි සම්බා හිඟ වුනේ ඇයි? – ආණ්ඩුවට කනේ පහරක් ගසමින් ඩඩ්ලි පහදයි!

Newsline Editorial
Newsline Editorial
2 Min Read
ඩඩ්ලි සිරිසේන

වෙළඳ පලේ පවතින සහල් හිඟයට හේතුව දැනීමක් නැති පාලකයින්ගේ විවිධ ප්‍රකාශ වල බලපෑම නිසා සිදුවන්නක් බව අරලිය සමුහ ව්‍යාපාරයේ අධිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ප්‍රකාශ කර සිටිනවා.

පසුගියදා පොළොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ඒ බව ප්‍රකාශ කලාය.

මම ඔය දෙසීය විසි පහේම රෙදි ඕන තරම් ගලවලා තියෙනවා. දැන් එයාලට රෙදි නැතුව ඉන්න වුණත් ලැජ්ජාවක් නෑ. මා ඇතුළු ව්‍යාපාරිකයන් පැවති රජයන්ට පුන පුනා කළ කී දේවල් ඔවුන් සතයකට මායිම් කළේ නෑ. දැනීමක් නැති පාලකයෝ ඇවිත් වී මිල සීයයි කිව්වහම හැමෝම නාඩු වී වගා කළා. දැන් නාඩු සහල් මගේ ළඟත් තියෙනවා. හැමෝම ළඟත් ඕනෙ තරම් තියෙනවා, නමුත් කීර සම්බා නැහැ

මේ දේශපාලනඥයට දඟලන්න දෙන්නෙත් නෑ දඟලන්න දෙන්නත් බෑ. මානසිකව වැටෙන්න එපා. මේ කාලකන්නි දේශපාලනඥයන්ගෙන් මේ රට අපි බේරගන්නවා. වගකීම් විරහිත දේශපාලනයේ ප්‍රතිඵල වර්තමානයේ අපි භුක්ති විඳිනවා. අනිවාර්යයෙන්ම මේ වසර තුළ මා ඇතුළු ප්‍රගතිශීලී ජනතාව, ප්‍රගතිශීලී පෙරමුණවල් මේ දුර්දාන්ත පාලනය ඉවර කරනවා

තවද දේශපාලකයින් විසින් ජනතාව රැවටීම සම්බන්ධව ද ඔහු සිය අදහස් ඉදිරිපත් කරේ මෙලෙසින්,

එක එක වේශයන්ගෙන් හොරු රජ වෙන්න උත්සාහ කරනවා. මම අභියෝග කරනවා රටේ ප්‍රධාන ව්‍යාපාරිකයාට වුණත් මේ පාර ඇවිත් මිනිස්සු රවට්ටන්න පුළුවන්ද බලන්න කියලා. මම ඇතුළු රටේ ප්‍රගතිශීලී ජනතාව ඒ වෙනුවෙන් පෙළ ගැහිලා හොර දේශපාලනඥයන්ට මේ පාර හොඳ පාඩමක් උගන්වනවා

යැයිද ප්‍රකාශ කලාය

Share this Article
Leave a comment