අලි සබ්‍රි ගිය වාහනය අනතුරක

1 Min Read

පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්‍රි රහිම් මහතා ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය සාලියවැව 15 කණුව ප්‍රදේශයෙදී අත් ට්‍රැක්ටරයක ගැටීමෙන් ට්‍රැක්ටරයේ රියදුරා තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර මන්ත්‍රිවරයාට අනතුරීන් කිසිදු හානියක් සිදුව නැති බව පොලිසිය පවසයි.

පුත්තලම දිස්ත්‍රික් පාර්මේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් මහතා තම වාහනයෙන් රියදුරු සමග පුත්තලම සිට අනුරාධපුර දක්වා ගමන් ගනිමින් සිටියදි මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.

මන්ත්‍රිවරයා ගමන් ගත් ජීප් රථය 13 දින අලුයම 1.30 ට පමන මෙසේ ඉදිරියෙන් ගමන් ගත් අත් ට්‍රැක්ටරයෙ ගැටී තිබේ .

අනතුරින් මන්ත්‍රිවරයාගේ සුඛෝපභෝගී ජීප් රථයට බරපතල හානි සිදුව ඇති බවද පොලිසිය පවසයි .

The post අලි සබ්‍රි ගිය වාහනය අනතුරක appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.

Share this Article
Leave a comment