මනූෂ සහ හරීන් වෙනුවෙන් පාර්ලිමේන්තුවට එන මන්ත්‍රීවරු දෙදෙනා

1 Min Read

අමාත්‍ය මනූෂ නානායක්කාරගෙන් පුරප්පාඩු වූ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා බන්දුල ලාල් බණ්ඩාරගොඩගේ නම මැතිවරණ කොමිසමට යොමු කිරීමට පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස නම් කර සිටි හරීන් ප්‍රනාන්දුගේ මන්ත්‍රී ධූරය වෙනුවෙන් පත් කරන්නේ කවුරුන්දැයි පක්ෂය විසින් ඉදිරියේදී තීරණයක් ගන්නා බවයි සමගි ජන බලවේගයේ මහලේකම්වරයා කියා සිටියේ.

මේ අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර නම් කිරීමට නියමිත බවත් වාර්තා වේ.

The post මනූෂ සහ හරීන් වෙනුවෙන් පාර්ලිමේන්තුවට එන මන්ත්‍රීවරු දෙදෙනා appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.

Share this Article
Leave a comment