V2025

දේශපාලන වාසි තකා අප පාවා නොදෙන්න   

උතුරු නැගෙනහිර පළාත් වල අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් ගෙන යන්නා වූ යන්නා වූ සටන බල හීන කරළී මේ උත්සාහයක් පවතින බව අතුරුදන්වූවන්ගේ ඥාති සංගමයේ නායිකා ලීලා දේවි මහත්මිය පවසයි .

කිලිනොච්චි නගරයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වී එතුමිය මේ බව පැවසුවාය.

විවිධ දේශපාලන හස්තයන් සිය ඡන්දය සඳහා රජයේ සහන සහ පහසුකම් උපයෝගි කරගනිමින් අතුරුදන් වූවන්ගේ ඥාතීන් වන අප විසින් ගෙනයන මෙම සටන බල හීන කිරීමේ ප්‍රයත්නයක් දැක ගැනීමට ඇතිබව ඇය පවසයි.

ඡන්දය මුවාවෙන් අතුරුදන්වූවන්ගේ ඥාතින් ගෙනයන සටන දේශපාලකයන් විසින් පාවා දීම දැඩි පිළිකුලින් හෙළා දකින අතර මුස්ලිම් නායකයින් විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කළත් ප්‍රශ්න වලදී ඉතා එකමුතු ව තීන්දු තීරණ ගන්නා බවත් එවන් පසුබිමක් දමිළ දේශපාලනඥයින් ද එකමුතු ව තීන්දු තීරණ ගනු අතැයි තම බලාපොරොත්තු වන බව ඇය පවසයි.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found