V2025

දෙමළ ජාතික සන්ධානය ඉන්දීය සංචාරයක 

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක්  නොබෝ දිනකදී ඉන්දිය සංචාරයක නිරතවනු ඇතැයි වාර්තා වේ.

ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාගේ ආරාධනාවකට අනුව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉන්දීය සංචාරයක නිරත වීමට බලාපොරොත්තු වෙති.
දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්ධන්  හා  මාවෙයි සේනාධිරාජා, සෙල්වම් අඩෙක්කලනාදන්, සුමන්තිරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙම සංචාරයට එක්වනු ඇතැයි වාර්තා වේ.
 
මෙම පිරිස ඉන්දියාවේ සංචාරයේ නිරත වන නිශ්චිත දිනයක් සඳහන් නොවේ.
 
ඉන්දීය අග්‍රමාත්‍ය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ශ්‍රී ලංකාවේ සංචාරය නිරත වූ අවස්ථාවේ දී ජාතික ප්‍රශ්නයට විවස්තාවේ සංශෝධනයන් සිදු කිරීමට ඉන්දියාව මැදිහත් විය යුතු බව දෙමළ ජාතික සන්ධානය  ඉන්දීය  අග්‍රාමාත්‍යවරයා වෙත ඉල්ලීමක් කළේය.
 
ව්‍යවස්ථා සංශෝධනය ඉතා ව්‍යාකූල ප්‍රශ්නයක් බැවින් ඇය හොඳින් අධ්‍යයනය කර මෙම ඉල්ලීම සලකා  බැලීම උචිත බව ඉන්දීය  අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී අති බව වාර්තා වේ.
 

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found