නාවික හමුදා හෙලිකොප්ටර් දෙකක් උඩුගුවනේ දී ගැටී දස දෙනෙකු මරුට

1 Min Read

රාජකීය මැලේසියානු නාවික හමුදාවේ පෙරහුරුවක් අතරතුරදී නාවික හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා දෙකක් ගුවනේදී ගැටීමෙන් පුද්ගලයන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මැලේසියාවේ ලුමුට් නගරයේ පිහිටි නාවික හමුදා කඳවුරක් තුළ මෙම අනතුර සිදුව ඇති අතර එලෙස අනතුරට පත්ව ඇත්තේ HOM M503-3 වර්ගයේ හා Fennec M502-6 වර්ගයේ හෙලිකොප්ටර යානා දෙකක්.

එහිදී HOM M503-3 යානය තුළ පුද්ගලයන් 7 දෙනෙක් ද Fennec M502-6 යානය තුළ පුද්ගලයන් තිදෙනෙකු ද සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

එහිදී එක් හෙලිකොප්ටරයක් ධාවන පථයකට කඩා වැටී ඇති අතර අනෙක ඒ අසල තිබූ පිහිනුම් තටාකයකට කඩා වැටී තිබේ.

කෙසේවෙතත් මෙම අනතුර සිදුවන අවස්ථාවේ දී අදාල යානාවන් දෙකෙහි සිටි කිසිදු අයෙක් දිවි බේරා ගැනීමට සමත් වී නැති බවටයි, විදෙස් මාධ්‍ය වාර්තා සැක පළ කරන්නේ.

The post නාවික හමුදා හෙලිකොප්ටර් දෙකක් උඩුගුවනේ දී ගැටී දස දෙනෙකු මරුට appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.

Share this Article
Leave a comment